AV-Test වාර්ථාවක් පවසන්නේ වඩාත් ආසාධිත බවට විවෘත mobile system බවයි. දෙවැන්න ලෙසට Android system නම් කරන ඔවුන් තෙවන්න ලෙසට නම් කරන්නේ macOS system එකය. තවත් දෙසකින් “Atlas data” වාර්ථාකරන්නේ 2022 වන විට දෛනිකව 316,000 තරම් විශාල ප්‍රමානයක් malware threats බිහිවෙමින් ඇති බවය. Apple Insider වාර්ථාකරන්නේ 2022 දී 34 million ට වැඩි malware samples හඳුනා ගෙන ඇති බවය.
හදාරන්නන් පවසන්නේ 2022 ජනවාරිය සැලකීමේදී malware development 11.41 million හඳුනා ගන්නා අතර පෙබරවාරි වන විට 8.93 million ලෙසටද මාර්තු වලදී 8.77 million ට ආසන්න සක්‍යාවක් malware threats හඳුනා ගන්නට සමත්ව ඇති බවයි. April වන විට malware samples ලෙසට ගනනය වීම සක්‍යාත්මකව 5.65 million ලෙසට සටහන් වන බවයි.
මෙකී malware ඉලක්කවන platforms ලෙසට සැලකීමේදී Microsoft Windows වෙතට 25.48 million සක්‍යාවක් 2022 සදහා ගනනය වෙමින් ඇති අතර Android system වෙතට 536,000 ලෙසටත් macOS system වෙතට 2000 තරම් අඩු සක්‍යාවක් නව malware samples ගනනයක් දක්වන අතර හදාරන්නන් මේ පිලිබඳව විමතිය පලකරමින් සිටිනවා.
මෙම ගනනයන් පිලිබඳව නෙක මතවාද ඇති මුත් මූලිකව සෑම ආයතනයක්ම තම අවකාශ වෙතට හානිකර බලපෑම අවමව තබා ගන්නට පෙර කවරදාටත් වඩා අවධානය යොමුකරමින් සිටින අතර භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වය දෙසටද දැඩි අවධානයක් යොමුකරන බව පෙන්වමින් තිබෙනවා. තම මෙහෙයුම් පද්ධති සදහා ඉක්මන් හා වැඩි යාවත්කාලීන එවන්නට කටයුතු කරනවා සේම apps සදහාද ඉහල ප්‍රමිතීන් ගෙනෙමින් හානිකර සදහා ඉඩ අවමකරන්නට කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa