බොහෝ භාවිතාකරන්නන් නව මෘදුකාංග ස්ථාපනයකට පසුව මුහුන දෙන ගැටලුවක් වන්නේ තමන් විසින් බලාපොරොත්තු නොවූ අමතර මෘදුකාංග කිහිපයක්ම අවශ්‍ය කල මෘදුකාංග ස්ථාපනයත් සමග ස්වංක්‍රීයව ස්ථාපිතව තිබීමය. විටක එම අවශ්‍ය ස්ථාපනයෙන් පසුව විවිධ ලෙසට බ්‍රවුසරයන් ස්වංක්‍රීයව විවෘතව එම අඩවි වෙතට ගෙනයාම මෙන්ම තවත් විටක ඒවාට අදාල බගත වීම් ඇරබීම වැනි නෙක ආකාරයේ පහසුකම් සදහා පලමු විසදුම වන්නේ එම මෘදුකාංගය ස්ථාපනයේදී පියවරෙන් පියවර අවධානයෙන් සිටීම වුවද විටක ෂූක්ශමව සැගවී එන අමතර මෘදුකාංග ස්ථාපනයන්ද දැකිය හැකිය. මෙම සහය මෘදුකාංගය නොමිළේම ඔබගේ සහයට එන්නේ එවන් ආකාරයේ අපහසුකම් වලකාලන්නටය. එවන්මෘදුකාංග ස්ථාපනයේදී ස්වංක්‍රීයව අනවශ්‍ය මෘදුකංග වලට වන අවස්ථා unchecking කරමින් ඒවා වලකා දෙන්නට පමනක් නොව තවත් විටක අනතුරු අගවා සිටින්නට මෙම මෘදුකාංගය කටයුතු කරනු ඇත. එසේම අනවශය අංග සදහා ඔබ accept වීම වලකන්නට ද මෙම මෘදුකාංගය සහය වනු ඇත. පහත දැක්වෙන සබදතාවය ඔස්සෙ එම මෘදුකාංගයේ නවතම සංස්කරනය දැන් ඔබට ලබා ගන්නට හැක.

http://unchecky.com/files/unchecky_setup.exe