සුරක්ෂිත වෙබ් සැරියක් ලබා ගැනීම දිනෙන් දින සංකීර්න වෙමින් ඇති ගැටලුවකි. සරල මට්ටමේ සිට සංකීර්න ආකාර දක්වා වෙබ් සැරියකදී අප අපහසුතාවයට පමනක් නොව අනතුරකට කැදවන්නට සූදානමින් සිටිනා සයිබර් උපංක්‍රම වෙතින් ගැලවී සිටින්නට නම් විටක බොහෝ ආකාරව මෘදුකාංග ස්ථාපනයකර ගෙන සිටින්නට සිදුවේ. මේ සදහා පහසු භාවිතාවක් ලෙසට එන එක් විසඳුමක් ලෙසට මෙම Chromium technology මත නිර්මානය වන Comodo Dragon බ්‍රවුසර මෘදුකාංගය සැලකිය හැක. වඩාත් සංකීර්න security හා privacy ආකාරවලින් සමන්විත මෙම බ්‍රවුසර භාවිතාව සමග SSL certificates ගැටලු , අනවශ්‍ය cookies ගැටලු මග හැරීම , Web spies ඉක්මවා යාම , download tracking මග හැරිම ආදී ලෙසට වන බොහෝ අංග වලින් සමන්විත බවටයි විස්තර වන්නේ. සරලව ඔවුන් මෙම මෘදුකාංගය විස්තර කෙරෙන්නේ Google Chrome වල වන සියලු යහපත් අංග සමග වැඩි දියුනු කරන ලද ආරක්ෂිතබව ‍රැගෙන එන බ්‍රවුසර මෘදුකාංගයක් බවයි.

http://download.comodo.com/dragon/DragonSetup.exe