Windows 11 update – KB5025305 යනු windows 11 සදහා මේ වන විට පැමින ඇති අවසාන යාවත්කාලීනය වන අතර එම ස්ථාපනය සමග සමහර භාවිතාකරන්නන් හට නෙක ගැටළු නිර්මාණය වෙමින් ඇති බවට වාර්ථා වනවා. windows 11 වලට සමාන්තරව Kaspersky antivirus solution භාවිතාකරමින් සිටින්නන් අතර මේ තත්වය බහුල බවටයි දැක් වෙන්නේ. මෙම යාවත්කාලීනය විග්‍රහ වන්නේ non-security fixes / improvements වලින් සමන්විත එකක් ලෙසට වන අතර සමහර භාවිතකරන්නන් චෝදනා කරන්නේ එය ස්ථාපණයේ සිටිම ගැටළුකාරී බවක් දක්නට වූ බවයි. Kaspersky වලින්ද මේ බව සනාත කර ඇති අතර ලොවපුරා භාවිතා කරන්නන් දහස් ගනනකට මෙම හානිකර බව බලපා ඇති බවට සටහන් වෙනවා.
Pubudu Siriwansa