නවතම හෑදෑරුම් වාර්ථාවකට අනූව කියවෙන්නේ WiFi routers භාවිතාකරන්නන්ගෙන් භගයකට වඩා තම රවුටරයේ factory default settings වෙනස් කරන්නට කටයුතු නොකරන බවයි. Avast පවසන්නේ මෙම නොසලකා හැරීමේ අවසන් ප්‍රථිපල විය හැක්කේ අදාල සබඳතාවයට අයත් data ප්‍රමානය අනවසර භාවිතාවක සිට පෞදලික තොරතුරු සොරා ගැනීම දක්වා පරාසයක නීති විරෝධී කටයුතු වලට භාවිතාවිය හැකි බවයි. හානිකරන්නන්ට පහසුවෙන් අනෙකාගේ credentials උපකල්පනයට හැකිවීම මෙහිවන දුර්වලතාවය වන අතර BroadbandGenie විසින් 1,320 broadband users අතරින් කල ගනනයකදී හෙලි වන්නේ ඔවුන් අතරින් 84%ක්ම router admin password වෙනස් නොකර බවකි. එසේම 87%ක්ම  WiFi network එකට අදාල display name වෙනස් නොකර ඇති බවකි.අදාල භාවිතාකරන්නන්ගෙන් හතකින් එකක් එසේ වෙනස් කල යුත්තේ ඇයිද යන්න ප්‍රශන කර ඇති අතර පහෙන් එක් අයෙක් පවසා ඇත්තේ එසේ කරන්නට තමන් නොහන්නා බවකි. ඔවුන් උපදෙස් දෙන්නේ 12 characters වත් සහිත අවසර පදයක් සකස් කල යුතු අතර එය upper හා lower case letters මෙන්ම numbers වලින් සමන්විය යුතු බවකි.
Pubudu Siriwansa