ANDROID යනු බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධති භාවිතාවයි. ඒ නිසාම එම මෙහෙයුම් පද්ධතිය සමග වන සරල සැකසුම් කිහිපයක් ඔස්සේ ඔබගේ සුරක්ෂිත බව තහවුරු කරගැනීම වැදගත් වනු ඇත. auto-sleep තේරීම සංක්‍රීයකර දුරකථනය මත ඔබගේ මෙහෙයුමක් නොලැබෙන විට ඉතා කෙටිකාලයකින් ඒ සදහා පිවිසෙන්නට සූදානම් කොට තැබීම වැදගත් වන්නේ ඔබගේ ඒ ප්‍රමාදය ඔස්සේ තවකෙකුට ඔබගේ දුරකථනය වෙතට පිවිසෙන්නට නොහැකි වන්නට එය හේතුවන බැවිනි.
අනෙක් වැදගත් අංගයක් නම් “Notification Settings” ඔස්සේ පිවිස Silence your notifications ආකාරයට සැකසුම් තැබීමයි.ඒ ඔස්සේ අනෙකෙකුට ඔබගේ දුරකථනයෙන් එන notifications වෙතට අනවසරව පිවිසෙන්නට වන අවස්ථාව අහිමි වනු ඇති. එසේම fingerprint නැතිනම් face හැකියාවල් ඔස්සේ දුරකථනය ආරශිතව තැබීම වැදගත් වන්නේ තවකෙකුට දුරකථනය වෙතට අනවසර පිවිසීමක් වීමට අවස්ථාව නොතැබීමයි. අවසර පදයක් භාවිතාකරන්නේ නම් එය සංකීර්න මෙන්ම තවකෙකුට උපකල්පනයට අපහසු එකක් ව තැබීම වැදගත් වනු ඇති.
Pubudu Siriwansa