Microsoft ආයතනය Windows 10 සමග ගෙනෙන නව තාක්ශන ප්‍රවනතා අතර HoloLens පැහැදිලිවම කැපී පෙනෙන්නකි. සත්‍ය ලෝකය හා වර්චුවල් ලෝකය අතර වූ පරතරය වඩාත් විස්වාසනීය ආකාරයට විසදන්නට සමත්වන තාක්ශනයක් ලෙසට එය දැනටමත් හදාරන්නන් අතර කැපී පෙනෙන අනනයතාවයක් ලබා ගන්නට සමත්ව ඇත. ඔබගේ විසිත්තකාබරයේ සැබෑ සැකසුම මත ඉදිවන ඩිජිටල් ලෝකය වඩාත් ප්‍රායෝගික තොරතුරු භාවිතාවේ හෙට දවස ගෙනෙනු ඇති බවට තවදුරටත් ගැටලුවක් නැති බව ඔවුනගේ පැහැදිලි මතය වෙමින් ඇත. HoloLens පැහැදිලි කරමින් ආයතනය පැවසුවේ හෙට දවසේ පරිගණක භාවිතාව කෙමෙන් පැමිනීම ආරම්භ වන බවකි. ඔවුන්ගේ ඉදිරිපත් කිරීම පැහැදිලි කර සිටියේ සැබෑ ලෝකය හා තොරතුරු ලොකයේ හෙට දවසේ භාවිතාව තවදුරටත් එකි නෙකින් වෙන් කර හඳුනා ගන්නට නොහැකි වන දවස පැමිනීම මෙහිදී සංකේථවත් වන බවකි. උපාංගයෙන් බාහිරව පවතින කිසිදු සහයකින් තොරව තම නව ලෝකය නිර්මානය කරන්නට සමත් වන මෙම උපාංගය තමන් සතු HPU ඔස්සේ ‍රැගෙන එන ලෝකය වඩාත් අපූරු බවක් භාවිතාකරන්නාගේ වෘතිය ජීවිතයේ සිට විනෝද ජීවිතය දක්වා වූ වපසරියේ බොහෝ මොහොතවල් අපූරු ආකාරයට වර්ණවත් කරනු ඇති බවයි පොරොන්දු වන්නේ.