මෙහෙයුම් පද්ධති ලෙසට windows වලට තිබූ එක් ප්‍රධාන චෝදනාවක් වූවේ ආරක්ශාව අතින් ප්‍රමානාත්මක නොවන බවයි. windows xp වැනි යුගයහ් සැලකීමේදී මේ බව කැපීපෙනෙන ලෙසට ලක්වූවක් විය. මෙහෙයුම් පද්ධතියට යම සයුත්තවූ ආරක්ශක මෘදුකාංගයක පැමිනීම මේ ගැටළුවට මුල් මට්ටමේ විසඳුමක් වූවා විය යුතුය. එසේම වේගවත් යාවත්කාලීනවීම සහිත ක්‍රම වේදයක් ඔස්සේ ගැටළුව තවත් නිරාකරනයට කටයුතු සිදුවිය. windows 11 සමග තත්වය වඩාත් බැරෑරුම් පියවරකට ගෙන යන්න Microsoft ආයතනය තීර්නය කලා විය යුතුය. එනම් දෘඩාංග මට්ටමින්ම අවශ්‍යතා කිහිපයක් නිවේදනය කරන්නට කටයුතු කරන ලදී. ආයතනය තත්වය පැහැදිලි කරමින් පවසන්නේ මෙවන් දෙයකි. ” අපි windows 10 සමග මේ වැඩි ආරක්ශක අවශ්‍යතා තේරීම් ලෙසට තැබුවා. නමුත් භාවිතාකරන්නන් ඒ පිලිබඳව නිසි අවධානය යොමු නොකල බව අපේ අත්දැකීමයි.”
admin-level privileges—the highest level of privilege- ඇති අයෙකුට පවා අඩංගු වන දත්ත කියවීමට අවස්ථාව නොතබන්නට තරම් සංවේධී මට්ටමක ආරක්ශාව සලසන්නට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. එසේම අවසර පද පිලිබඳ සංකල්පය මත්ම තව දුරටත් පැවතීමට නොහැකි බව ක්‍රමයෙන් අප අවබෝධ කරගනිමින් සිටින සත්‍යයක් බවට එම ආයතන පැහැදිලි කරමින් සිටිනවා. වඩාත් ආරක්ශිත මෙහෙයුම් පද්ධතියක් වෙනු වෙන් තබන පලමු පියවරවල් වල තවමත් සිටින බවටයි ඉගි පලවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa