Telegram Messenger පවසන්නේ පසුගිය WhatsApp, Facebook හා Instagram වල තාවකාඅලික බිඳ වැටීමේදී 70 million නව භාවිතාකරන්නන් පිරිසකගේ අවධානය දිනා ගන්නට තම සේවාව සමත්වූ බවයි. එහි Pavel Durov නැතිනම් founder පවසන්නේ එම කාලය තුල සිදුවූ බලාපොරොත්තු නොවූ විශාල භාවිතාව හේතු කොටගෙන තම සාමාන්‍ය භාවිතාකරන්නන් හට සේවාවේ මන්දගාමී බවක් අත්විඳුන්නට සිදුවූ බවයි. ඔහු පැහැදිලි කරන්නේ Facebook වල ගැටළුව නිරාකරනය වීමත් සමග නිර්මාණය වූ දැඩි ඉල්ලුම ක්‍රමයෙන් අඩුවූ මුත් සැලකිය යුතු ප්‍රමානයක active users ප්‍රමනයකගේ අවධානය තවමත් පවතින බවකි. තරගකාරී platform සමග සැසදීමේදී තම සේවාව සතු විශේෂතා රාශියක් වන අතර පහසුවෙන් තම import chats වැනි පහසුකම් සමග භාවිතාකරන්නන් හට වැඩි සේවාවක් වෙනු වෙන් සූදානමින් සිටින බව පවසනවා.
Pubudu Siriwansa