Microsoft අයතනය තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය නිවේදනය කිරීම ගෙවී ගිය දිනයේ සිදුකරන ලද අතර Project Spartan web browser නැතිනම් touch-friendly Office apps වැනි නව අංගයන්ද සමග එම public preview නිකුතුව එල ගෙන සතියේ සිදුවනු ඇති බවට නිවේදනය කරන ලදී. එසේම එහි preview for phones නිකුතුව පෙබරවාරි මාසයේ සිදුවනු ඇති බවටත් නිවේදනය කරන්නට කටයුතු කරන ලදී. වැඩි දුරටත් ප්‍රකාශ වූවේ මෙම PCs හා phones නිකුතූන් භාෂා 25කට සහය දක්වන මට්ටමින් පැමිනෙන්නට සැලසුම්ව ඇති බවයි.
Windows 10 වල Technical Preview සමග October 2014 ඇරබි Windows Insider වැඩසටහන සමග 1.7 million ක පිරිසක් එක්වෙමින් නව මෙහෙයුම් පද්ධතිය අත්හදා බලන්නට කටයුතු කර ඇති අතර ඔවුන්ගෙන් මාතෘකා 200,000ක් ඔස්සේ ලබා ගත් 800,000ක අදහස් නව ගොඩනැගීමේදී වැදගත්වූ බවට පැහැදිලි කෙරෙන ලදී.