Google පවසන්නේ තම Gmail සදහා වන තම නව user interface එක අද සිට ස්ථාවර එකක් වන බවයි. ඒ අනූව පසුගිය පෙබරවාරියේ හඳුන්වා දුන්, July වල සිට අවශ්‍ය නම් පෙර සංස්කරනයට යා හැකි ලෙසට තේරීමක්ව භාවිතාකරන්නන් සදහා නිකුත් කල Gmail වල integrated view එක අනිවාර්ය භාවිතාවක් වනවා. හදාරන්නන් පවසා සිටියේ එය Microsoft Outlook වල විශාල ආභාශයක් ලැබූ නිකුටක් ලෙසට වන අතර එහි theme, inbox type ආදීයට වන customize අවස්ථාද සමග අනෙකුත් Google apps වලට එනම් Chat / Meet වැනි භාවිතාවන්ට පහසුවෙන් පිවිසෙන්නටද හැකියාව සහිතව පැමින තිබෙනවා.
Pubudu Siriwansa