එය අපූර්ව ද්විත්ව මුහුනුවර අරගලයක් බඳුය. මිනිසා වඩ වඩාත් තම ජීවිතය තුලට තාක්ශනය කැදවා ගන්නට නිරන්තරයෙන් වෙහෙසෙමින් සිටී. ඒ එක් මුහුනුවරකි. අනෙත් දෙසින් තාක්ශනය වඩ වඩාත් මිනිස් ස්වභාවයන් අත්පත් කර ගන්නට වෙර දරමින් සිටී. Google ආයතනය පසුගිය කාලයේ පැවසුවේ ක්ශුද්‍ර මට්ටමේ රොබෝ උපාංගයන් මිනිසාගේ රුධිර පද්ධතිය තුලට එන්නත් කර ඒ ඔස්සේ මිනිස් සිරුරේ වන පිලිකා සයිල වැනි නෙක අක්‍රමකතා වෙතට පහසුවෙන් ලගා වෙන්නටත් ඒවා පිලිසකර කරන්නටත් සමත් තාක්ශනයක් තමන් දියුනු කරන්නට සැලසුම් කරන බවකි. තවත් විට සාමන්‍ය සිරුරට දැරිය නොහැකි බරක් වැනි සීමාවන් පහසුවෙන් හසුරවාලන්නට සහය වන අර්ධ රොබෝ සැකිල්ලක් සිරුරට සවිකර ගනිමින් මිනිස් හැකියා සීමා ඉක්මවන අත්හදා බැලීම් දියුනු කරමින් සිටී.
අනෙත් දිසාවෙන් කියවෙන්නේ වඩාත් මිනිස් ස්වභාවයන්ට සමීප හැසිරවීම් ඇති ඇල්ගොරිතමයන් ඔස්සේ වඩාත් මානුෂික තොරතුරු හැසිරවීමකට තමන් උත්සාහ කරමින් සිටින බවකි. සරලව හදුන්වා ගැනීමකදී Windows 10 සමග වඩාත් AI ස්වභාවයක් මෙන්ම නම්‍ය මෙහෙයුම් පද්ධතියක් පිලිබදව මේ වන විටම බලාපොරොත්තු පලව ඇත. සරල සෙයුම් ප්‍රථිපල පි‍ටුවකදී සිට ඇනිමේෂන් අවස්ථාවක් වඩාත් තාත්වික කරවන්නට සමත්වීම වැනි සීමා දක්වාම මෙම ස්වභාවයන් ප්‍රකට වෙමින් ඇත.Cortana ඔස්සේ ඔහුට වඩාත් සමීප ආකාරයට Digital සහයක් පැමිනීම ඔස්සේ මේ බව එල බෙන හෙට දිනකදී අපට අත්විඳින්නට හැකි වනු ඇත.