COVID-19 ලොවපුරා කාර්යාල සංස්කෘතිය වෙනස් කරන ලදී. “නිවසේ සිට වැඩ කිරීම ” බොහෝ ආයතනයන් තම ඉදිරි පැවැත්ම වෙනුවෙන් තම සේවක මහතුන්ට යෝජනා කරන ලදී. මෙ නව සංස්කෘතිය සමග හමුවූ නව ගැටලු අතර පරිගණක හැක්වීම ඔස්සේ කාර්යාල තොරතුරු පිටතට ගලායාම දක්නට ලැබුනි. එම සේවක මහතුන්ගේ පුද්ගලික තොරතුරු වල සිට කාර්යාල දත්ත පමනක් නොව ඒවායේ සේවය ලබන අයගේඩ්ග තොරතුරු පිටතට ගලායාම නොයෙක් විට වාර්ථා විය. මේවා අතර ඉහලම අවස්තවලදී එම අවස්ථාවන්ට පදනම්වූ දුර්වලතාවය වූවේ windows 7 මෙහෙයුම් පද්ධතිය ලෙසට හදාරන්නන් පෙන්වා දෙමින් සිටී. 2020 ජනවාරියේ එම මෙහෙයුම් පද්ධතියේ මව් ආයතනය වන Microsoft වෙතින් තවදුරටත් වග නොකියන නැතිනම් අත්හැර දමන ලද මෙහෙයුම් පද්ධතියක් ලෙසට නම්වීම ඔස්සේ ඒ වන විටත් ලොවපුරා බහුලව භාවිතා වෙමින් තිබූ විශාල පරිගණක සංක්‍යාවක් මෙම අනතුරට විවර විය.
හදාරන්නන් පෙනවා දෙන්නේ තවදුරටත් windows 7 භාවිතාකරමින් සිටින්නෙක් නම් තම ආරක්ෂාව පිලිබඳව වැඩි අවධානයකින් සිටීම වැදගත් වන බවයි. හැකි ඉක්මනින් හමුවන නව දුර්වලතා සදහා යාවත්කාලීන නිකුත් කරන නව මෙහෙයුම් පද්ධතියක් කරා යාම පලමු විසඳුම වන අතර, එසේ නොවන විටදී හොඳින් ආරක්ෂිත මෘදුකාංගයක සහය සංක්‍රියව තම පරිගණකයේ තබා ගැනීම මෙන්ම හැකි අඩුම අමතර මෘදුකාංග සංකයාවක් සමග ඒවායේ නවතම සස්කරණ ස්ථාපිතව තබා ගැනීම වැදගත් වනු ඇති බවට පෙනවා දෙමින් සිටිනවා.
Pubudu Siriwansa