ලොව කිහිප තැනකින් වාර්ථාවන තත්වයකට අනූව කියවෙන්නේ සමහ Dell වෙළඳ නාමය යටතේ එන desktops හා notebooks මොඩලයන් සදහා පසුගිය දිනවල නිකුත් වූ firmware update වලින් අනතුරුව black/blue screens of death (BSODs) තත්වය අත්විඳින්නට සිදුව ඇති බවයි. එම තත්වය මුහුන පා ඇති මොඩලයන් අතර Latitude 5320 business laptop, Alienware Aurora R8 gaming PC මෙන්ම Inspiron 5680 desktop වන බවට වාර්ථා වනවා. ඒ අතර වන භාවිතාකරන්නේකු පවසා ඇත්තේ BIOS version 1.14.3 යාවත්කාලීනයෙන් අනතුරුව BOOT නොවීම අත්විඳිමින් සිටින බව වන අතර තව අයෙක් පවසන්නේ error පනිවිඬ විටින් විට ලැබෙමින් තිබෙන බවකි. සමහර හදාරන්නන් යෝජනා කරන්නේ මෙම firmware update එක ලබා නොගැනීම හෝ දැනටමත් ස්ථාපිත පරිගණක සදහා BIOS downgrade එකකට යාම සුදුසු බවකි.
Pubudu Siriwansa