මොබයිල් සබතාවල මීලග යුගය ලෙසට සැලකෙන 5G වල Wi-Fi සබඳතාවයන් අත්හදා බැලෙන අවස්ථාවලක් Queensland වලදී සාමාන්‍ය භාවිතාවට අත්හදා බැලෙන මට්ටමින් විවෘතව තිබෙනවා. 5G සබඳතාවය සහිත phone හෝ tablet වෙලඳපොලේ නැති මුත් භාවිතා කරන්නන්ගේ 4G WiFi zone හැකියාවක් ලෙසට පැමිනෙන මෙම අත්හදා බැලීම 5G-enabled modems ඔස්සේ cellular network වලට සම්බන්ද වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම 5G network තුලදී 3 Gbps වේගයක් සාමාන්‍ය ලෙසට සැලකෙන අතර, මෙම අත්හදා බැලීමේදී එය 100 Mbps ලෙසට සීමා වන බවට ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. මෙම Telstra ආයත්නය සමග කටයුතු කරන Ericsson හා Intel ආයතනයන්ද එකව 5G Automotive Trial Platform එකක් අත්හදා බැලීමට පිවිසෙමින් ඇති අතර එහිදී ඩවුන්ලෝඩ් වේගය 1 Gbps මට්ටමින් WiFi access point එකක් ද සමගින් සිදුවන බවටයි ප්‍රකාශ කර සිටින්නේ. Nokia හා Qualcomm යන ආයතනයන් මේ වන විට තම 5G වෙත වන අත්හදා බැලීම් වල මුල් අවස්ථා දියත්කර ඇති අතර Verizon , AT&T වැනි ආයතන ඒ සදහා සූදානම් වෙමින් සිටින බවටත් ප්‍රකශ කර තිබෙනවා.
– Pubudu Siriwansa