Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති සමග කටයුතු කරන සම්ප්‍රධාය Windows 10 සමග වෙනස් කරනු ලැබීය. දීර්ගකලීන සැලසුම් සමග බහුල අත්හදා බැලීම්ද එකතුව වඩාත් සාධාරන මෙහෙයුම් පද්ධතියක් වෙතට වූ උත්සාහය සාර්ථක වෙමින් ඇත. එලබෙන යුගයට වඩාත් ගැලපෙන ලෙසට මෘදුකාංගයක් ලෙසට වඩා සේවාවක් ලෙසට අර්ථගන්වමින් ඔවුන් තම මෙහෙයුම් පද්ධතිය වඩාත් පුළුල් භාවිතාවක සදහා නෙක ආකාරවලින් දියුනු කරමින් සිටී. පිළුල් උපාංග පරිසරයකට, පුළුල් භාවිතාවන් වපසරියකට ගැලපෙන ලෙසට වේගවත්, මෘදු භාවිතට සමග ආරක්ශිත බවින්ද නිරන්තරයෙන් දියුනුවන මෙහි මීලග ප්‍රධාන යාවත්කාලීන සංස්කරනය 2018 ඔක්තෝබරය සදහා සැලසුම් වෙමින් ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. codenamed Redstone 5 සංඛේත නාමයෙන් ආයතුල සංවර්ධනය වෙමින් ඇති මෙහි අවසන් පොදු නාමය Windows 10 October 2018 Update ලෙසට වනු ඇති බවට බලාපොරොත්තු වනවා.ජීවවිද්‍යාත්මක අනන්‍යතා තහවුරු ක්‍රම වේද වැනි වඩාත් විස්වාසනීය අංගයන් ගැන දැනටමත් මීලග සංස්කරන සදහා Microsoft ආයතනයේ අවධානය වැඩියෙන ලබා ගනිමින් සිටින බවට සැලකෙනවා.
-Pubudu Siriwansa