අන්තර්ජාල භාවිතාව හා බැදෙන වැදගත්ම කාරනාවක් වන්නේ ඔබ මොබ චලනය වන දත්ත වල සුරක්ෂිත බවය. මේ පිලිබඳව ක්‍රමයෙන් වර්ධනය වූ අවධානය මේ වන විට “HTTPS” රහිත ක්‍රෝම් බ්‍රවුසර භාවිතාවකදී ”Not Secure’ වැනි අනතුරු ඇගවීමක් ලබා දීම දක්වා පැමින ඇත. මෙම ආරක්ෂිත බව නොමිලේ ලබා දෙන ප්‍රමුකයෙකු වන Let’s Encrypt පවසන්නේ තමන් දැනට වෙබ් අඩවි මිලියන සියයකට වඩා ආරක්ෂිත කර ඇති බවය. ඔවුන් වැඩි දුරටත් අවධාරනය කරන්නේ පසුගිය මස පමනක් වෙබ් අඩවි මිලියන 24 ක් පමන ආරක්ෂිත කරන්නට කටයුතු කර ඇති බවය. ඔවුන් නිවේදනය කර සිටින්නේ දැනට වෙබ් අඩවි මිලියන 113ක් ආරක්ෂිත කර ඇති අතර 2018 අවසානය වන විට එම සංක්‍යාව මිලියන 150 ඉක්මවනු ඇති බවය.
හදාරන්නන් පවසන්නේ තවමත් බොහෝ වෙබ් අඩවි ප්‍රමානයක් නිසි ආරක්ෂිත බව (HTTPS) ලබා දෙන්නට කටයුතු නොකරන බවකි. චීනය මූලිකව ක්‍රියාත්මක වෙබ් අඩවි බොහෝ ප්‍රමානයක් ගැන පවසන ඔවුන් ප්‍රධන පෙලේ වෙබ් අඩවි අතරද බොහොමයක් වන බවට පැහැදිලි කරනවා. t.co, wikia.com, bbc.com, foxnews.com, dailymail.co.uk, roblox.com, sberbank.ru, speedtest.net, ladbible.com, ign.com, හා asos.com වැනි මේ සදහා උදාහරන ලෙසට පෙන්වා දෙනවා.ගූගල් ආයතනයද තම ප්‍රතිපල වලදී අනාරෂිත වෙබ් අඩවි පිලිබඳව අනතුරු ඇගවීමක් කරමින් සිටිනවා.
– Pubudu Siriwansa