මෙම Wireless Network Watcher මෘදුකාංගය සමග ඔබගේ wireless network වෙත්ට සම්බන්දවී ඇති සියලුම computers හා devices පිලිබදව තොරතුරු ලබා ගන්නට හැකි වන බවටයි පැවසෙන්නේ. ඒවායේ IP address, MAC address මෙන්ම නිෂ්පාදන ආයතනයන් පිලිබදව තොරතුරු ඒ අතර වනු ඇත. එසේම එම තොරතුරු html/xml/csv/text වැනි ගොනු ආකාරවලට ලබා දෙන්නටද මෙම මෘදුකාංගය ක්‍රියා කරනු ඇත. කුඩා utilityයක් ලෙසට ක්‍රියාත්මක වන මෙය Windows 2000, Windows XP, Windows Server 2003/2008, Windows Vista, Windows 7, and Windows 8 ආදී සියලුම මෙහෙයුම් පද්ධති සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔබ සම්බන්දිතව සිටින wireless network පිලිබදව පමනක් නොව අනෙකුත් wireless network පිලිබදවද තොරතුරු ලබා දෙන්නට සහය වන මෙම මෘදුකංගයේ නවතම සංස්කරනය වෙතට පිවිසෙන්නට පහත දැක්වෙන දිගුව සහය වනු ඇත.

Wireless Network Watcher 1.77