Microsoft සමාගම තම Windows මෙහෙයුම් පද්ධතිය online operating system එකක් බවට ඌනනය කරන්නට කලින් කලට දක්නට දක්නට ලැබුනු ප්‍රවනතාවය යලිත් හදාරන්නන්ගේ අවධානයට ලක්ව ඇත. 2021 දී නිකුත්වූ Windows 365 නිකුතුවද ‍රැගෙන එන ලද්දේ subscription-only online system එකකි. භාවිතාකරන්නා දෘඩාංග බැදීමෙන් තොරව cloud මූලික භාවිතාවක් ඔස්සේ ලෝකයේ ඔනෑම තැනක සිට කල හැකිවිම home working වැනි අවස්ථාවලදී වඩාත් අවධානයට ලක්විය. කෙසේ නමුත් Windows 365 නික්තුව businesses / organisations වලට සීමාව තිබුනද Microsoft වලට එය home users කරාද ගෙන යන්නට අවශ්‍යව ඇති බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. ඉදිරියේදී Windows 365 වෙතට Windows 11 පරිගනකයකින් කෙලින්ම Boot වීමේ හැකියවේ සිට Android වැනි උපාංග දක්වාත් අවශ්‍ය විටකදී Offline අකාරයට Windows 365 භාවිතාවට හැකිකිරීම වැනි අවස්ථා ගැන හදාරන්නන් ඉගි පලකරමින් සිටිනවා.
Pubudu Siriwansa