Cortana නම් Microsoft වෙතින් එන digital personal සහය Spanish, Italian, German, French භාෂාවන් සදහාද අත්හදා බලන්නට දැන් හැකි බවටයි නිවේදනය වන්නේ. Windows Phone developer preview සමග කටයුතු කරමින් සිටින භාවිතාකරන්නන් සදහා ක්‍රමයෙන් මුදා හරිමින් සිටින මෙම Cortana තවම සිටින්නේ පෙර ‘alpha’ මට්ටමේය. ගෙවී ගිය නොවැම්බරයට සැලසුම්ව තිබූ මෙම නිකුතූව මද ප්‍රමාදයකින් පසුව පැමිනුන අතර එම පහසුව අත්හදා බලන්නන් සදහා උපදෙස් ලැබෙන්නේ ඉද හිටක හෝ හමුවිය හැකි ගැටලුකාරී බවට මුහුනදීමේ සූදානමක්ද සමග මෙම අපූර්ව අත් දැකීමට පැමිනෙන ලෙසටයි.
එලබෙන Windows 10 සමග DeskTop පරිසරය සදහාද Cortana නම් මෙම ඩිජිටල් සහය පැමිනීම බලාපොරොත්තුවෙමින් ඇති අතර තවමත් පෙර නිකූත් මට්ටමේ ඇති එම මෙහෙයුම් පද්ධතිය වෙතට මෙම හැකියාවේ පැමිනීම කිනම් ආකාරයක් ගනු ඇත්දැයි පැහැදිලිව නැත. එලබෙන අගෝස්තුව පමන වන විට Windows 10 සමග එම digital personal සහය කිනම් ස්වභාවයක් ගනු ඇත්දැයි තීරනයකට එන්නට හැකි වනු ඇති බවට බලාපොරොත්තු පල වෙමින් ඇති අතර Windows 10 සමග මෙතෙක් පැවති Desk Top භාවිතාව වඩාත් අපූර්ව ලෙසට වෙනස් වනු ඇති බවටයි අනවැකි පලවෙමින් ඇත්තේ.  දැනට Microsoft ආයතනයෙන් නිවේදනය වී ඇති තොරතුරු වලට අනූව Cortana සමග Desktop පරිසරයේදීද Skype ඇමතුමක් ගන්නට , දින සැලසුම් විමසා බලන්නට , alarmය සකසා ගන්නට , note එකක් ලබා ගන්නට , මැප් ඔස්සේ ප්‍රාදේශීය ව්‍යාපාරික ස්ථානයක් සොයා ගන්නට වැනි හැකියාවන් විස්තර වෙමින් ඇති අතර තවමත් එම හැකියව දක්නට ඇත්තේ unreleased builds නොහොත් නොනිල මට්ටමේ Windows 10 පෙර නික්කුතුවක් සමග පමනක් නිසා පැමිනෙන අවසාන හැකියාව design හෝ features වන දෑ අතින්ම වෙනස් ස්වරූපයක් ගනු ඇති බවට බලාපොරොත්තුවනවා.