‘Windows 365’ පසුගිය කාලයේ කථාබහට ලක්වූ අවධානයකි. Microsoft සමාගමේ Office 365 ආකාරයට subscription ආකාරයේ භාවිතාවක් Windows 10 වෙතට ගෙනෙන්නට කටයුතු කරනවාදැයි සැකයක් මතුකරවන සුලු එම පුවත පසුව යටපත් වන්නේ එම සමාගම තම නව මෙහෙයුම් පද්ධතිය WINDOWS 7,8 වල සිට upgrading හැකියාවත් සමග පැමිනෙන මෙහෙයුම් පද්ධතියක් ලෙසට නිවේදනය වීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් තවමත් එම සමාගම Windows 10 සදහා නව මිලදී ගැනීමකදි හෝ පෙර කී සංස්කරන වලට පිටින් වන සංස්කරනයක සිට පැමිනීමේදී ගෙවිය යුතු මිල ගනන් ගැන කිසිදු පැහැදිලි කිරීමක් කර නැත. නමුත් Microsoft සමාගම ‘Windows 365’ නාමය trademark එකක් ලෙසට වෙන් කරවා ගෙන ඇති අතර ඔවුන්ගේ නව දැක්මට අනූව නව මෙහෙයුම් පද්ධතියත් සමග යම් සේවාවක් වාර්ෂික අයකිරීමකට යටත්ව ඉදිරියේ ගෙන ඒමකට සැලසුම් වනවාද යන්න ද හදාරන්නන්ගේ අවධානයට ලක්ව ඇති කරුනකි.