Windows 8 සමග Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති කථාන්දරයේ ස්පර්ශක බවට වඩාත් මිත්‍ර වූ හැරවුමකට උත්සාහ කලා මතකය. ඔවුන්ගේ උපකල්පනය වූවේ ඩෙස්ටොප් පරිගණකයෙන් ටැබ් පරිගනකය දෙසට මූලික භවිතාව චලනය වීම වෙළඳ පොල තුලින් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වීම වන්නට ඇත. එනමුත් සිදුවූවේ වින්ඩෝස් 8 එතරම් බරපතල අවධානයක් ලබා ගන්නට අසමත්වීමය. පසුව එම ආයතනය තම මෙහෙයුම් මදක් පසු පසට ගෙන ඩෙස්ටොප් මෙන්ම ටැබ් භාවිතාවට සමබර තැනක් සොයන්නට එම මෙහෙයුම් පද්ධතිය සදහා අතර මැදි ප්‍රධාන සංස්කරනයක් ගෙන ආමුත් එයද එතරම් සාර්ථක නොවිනි. අවසානයේ වින්ඩෝස් 10 සමග ස්ථාවර මෙහෙයුම් පද්ධතියක අනන්‍යතාවය තම වෙළඳ නාමය යටතේ තබන්නට සමත් විය.
අද නිවේදනය වන්නට නියමිත Microsoft හමුවේදී එම ආයතනය තම මීලග මෙහෙයුම් පද්ධතිය නිවේදනය කරන්න බවට බලාපොරොත්තු වන අතර ඔවුන් විටින් විට කරන ඉගි අනූව එය windows 11 වීමේ ඉඩක් මෙන්ම යලිත් ස්පර්ෂක මිත්‍ර බවින් වැඩ මෙහෙයුම් පද්ධතියක් ගැන බලාපොරොත්තු තැබෙමින් ඇත. වඩාත් ආකර්ශනීය ශ්‍රව්‍ය දෘශ්‍ය බවක් සමග වඩාත් භාවිත මිත්‍ර බවකට මීලග මෙහෙයුම් පද්ධතිය ගැන බලාපොරොත්තු අද ඉදිරි පැය කිහිපය තුල තීරනය වනු ඇත.
Pubudu Siriwansa