Microsoft සමාගම පසුගියදා නිවේදනය කරන ලද Windows 11 Moment 4 update නිකුතුව මේ වන විට භාවිතකරන්නන් සදහා ස්වංක්‍රීය භාඅගතවීමක් ලෙසට සූදනම්ව තිබෙනවා. මෙම Moment 4 නිකුතුව සමග බලාපොරොත්තුවූ පරිදිම දියුනු කිරීම්, නවාංග කිහිපයක්ම ‍රැගෙන විත් ඇති අතර Copilot ලෙසට නම් වන AI-powered assistant ංගය බොහෝ අවධානය ලබා ගත් එකක් වනවා. මීට අමතරව File Explorer වල, taskbar වල, RAR, TAR, 7Z, සහ තවත් archive formats වලට සහය දැක්වීම සමග Paint, Photos app, Snipping Tool වල දියුනු කිරීම් ඇතුලු බොහො අංග වනවා. දැනට මෙම Windows 11 Moment 4 යාවත්කාලීනය optional update එකක් ලෙසට වන මුත් ඉදිරියේදී එනම් November වල මාසික යාවත්කාලීනය සමග අනිවර්ය යාවත්කාලීනයක් ලෙසට එනු ඇති බවට අනුමාන කෙරෙනවා.
Pubudu Siriwansa