Windows 11 වල මීලග ප්‍රධාන යාවත්කාලීනය September 20 වන විට නිකුතුවට සුදානම් වෙමින් ඇති බවට තොරතුරු හෙලිවෙමින් ඇත. Build 22621 නැතිනම් Windows 11 22H2 (Sun Valley 2) එසේත් නැතිනම් මීලග Windows 11 feature update එක සංකේත නාමය වන Sun Valley 2 / SV2 ලෙසට නම් ව ආයතනය තුල සංවර්ධනය වෙමින් තිබූ අතර එහි සාමාන්‍ය භාවිතාවට එන නිකුතුව Windows Update option ඔස්සේ ලබා ගන්නට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.එසේම මෙම upgrade process එක සදහාද system requirements වල වෙනසක් සිදු නොවනු ඇති බවට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa