මේ වන විට Android 13 සංස්කරනය Pixel phones වෙත නිකුතුව ආරම්භව තිබෙනවා. එය සමග වන නවාංග අතර anti-rollback නැතිනම් උපාංගයේ ස්ථාපිතව තිබූ පෙර සංස්කරනය වෙතට ආපසු යාමේ හැකියාව ඉවත්කර තිබීම අවධානයට ලක්වෙමින් තිබෙනවා.ඒ අනූව දැනට Android 13 වෙතට update වන Pixel 6, 6 Pro, 6a වැනි දුරකථන සංස්කරන වලට Android 12 වෙතට නැවත යාමේ හැකියාව අහිමි වනවා. එනම් Android 13 update වලදී bootloader වෙනස්ව anti-rollback තත්වයක් ගෙනෙනවා. මෙම තත්වය Android 13 සමග වන අංගයක්ද නැතිනම් bug එකක්ද යන්න තවමත් පැහැදිලි නැති බවයි පෙනෙන්නට ඇත්තේ.
Pubudu Siriwansa