Microsoft සමාගම තම Windows 10 සමග වඩාත් ආරක්ශිත මෙහෙයුම් පද්ධතියක් ගෙනෙන බවට නැවත නැවතත් තහවුරු කරන්නට කටයුතු කරමින් සිටී. ඒ අනූව එම සමාගම තම නව මෙහෙයුම් පද්ධතිය සමග හඳුන්වා දෙන්නට දැනටමත් කටයුතු කර ඇති Windows Hello හා Microsoft Passport වලට අමතරව අලුතුන් නිවේදනය වන Device Guard අංගයද සමගය. මෙම Device Guard අංගය පැහැදිලි කෙරෙන්නේ software හා hardware ආකාරයට සංයුත්තව පැමිනෙමින් digital signature විමසීම ඔස්සේ Devices වල සුජාතක භාවය තහවුරු කෙරෙන ක්‍රමවේදයකි. දැනටමත් Acer, Lenovo, Toshiba හා HP ආයතනයන් තම නිෂ්පාදන සමග මෙම නව අංගය සංයුත්තව එවන්නට කැමැත්ත පලකර ඇති අතර ආරක්ශක මෘදුකාංගයට අමතරව මෙම Windows Hello, Microsoft Passport අංගයන් සමග මෙම Device Guard සමග වඩාත් ආරක්ශිත භාවිතාවක් ආයතනික මට්ටමේදී ගෙනෙන්නට කටයුතු කරන බවටයි තොරතුරු හෙලිවන්නේ.