Windows 10 හි 9926 නිකුතුව සමග පැමින ඇති වැඩි දියුනු කිරීම් අතර පරිගණකය ලබා ගන්නා Windows Update එකකින් පසුව බොහෝ විට අවශ්‍ය විය හැකි restarts අවශ්‍යතාවයකදී එය schedule කිරීමේ හැකියාව වනවා. Microsoft වෙතින් මාසිකව පැමිනෙන යාවත්කාලීන ගොනුව සමග වන සමහර යාවත්කාලීනයන් මෙහෙයුම් පද්ධතිය තුල නිසියාකාරව ක්‍රියාත්මක වීමට මෙම restarts කිරීම අවශ්‍ය වන අතර දැනට වන ක්‍රමවේදය වන්නේ මෙහෙයුම් පද්ධතිය විසින් එය විටින් විට මතක්කර දෙන පනිවිඬ ලැබීමයි. නමුත් මෙම සංස්කරනයේදී Windows Update කවුලුව තුලදීම එය සිද්හුවිය යුතු වේලාව timer එකක් ඔස්සේ සකසන්නට හෝ පරිගණකය නිදහස්ව ඇති අවස්ථාවක දී සිදුවන ලෙසට සැකසීමේ හැකියාව වනවා.