Windows 8 සාමාන්‍ය භාවිතාකරන්නන්ගෙන් දුරස් කරන්නට හේතුවූ භාවිතාවක් වූවේ Charms bar හා Start screen අංගයන් ලෙසට විචාරනය විය. DeskTop භාවිතාව ප්‍රමුක විශාල තිර භාවිතාව ඉදිරියේ එය අතාර්කික භාවිතාවක් ලෙසට පහසුවෙන් චෝදනා ලැබීය. තරමින් කුඩා තිරමතදී වැදගත් වුවද සියලු භාවිතාවට එම අංගයන් පොදුකරන්නට ආයතනය ක්‍රියාකිරීම අසාර්ථක මෙහෙයුම් පද්ධති නිකුතුවක් ලෙසට Windows 8 / 8.1 නම් වන්නට ප්‍රධාන හේතුවක් විය. Windows 10 සමග සැමිනෙන සැකසුම් පැහදිලි කරන්නේ විශාල තිර මට්ටමේ භාවිතාවේදී Charms bar හා Start screen සැගවෙන හා ඒවායේ වූ භාවිතාවන් Action center ඔස්සේ පහසුවෙන් ලබා ගත හැකි නව සැකසුම් ප්‍රධානව පැමිනෙන බවකි. ඒ අනූව Charms bar සියලුම තිරවලින් ඉවත් වන්නටත් Start screen විශාල මට්ටමේ තිර වලින් ඉවත්වීමත් පැමිනෙන Windows 10 නව පෙර සංස්කරන වලින් දක්නට ලැබෙමින් තිබේ. Windows 10 සමග වන Continuum සමග උපාංගයේ අවශ්‍යතාවය අනූව ක්‍රියාත්මක වන ස්වංක්‍රීය සැකසුම් සමග එලබෙන මෙහෙයුම් පද්ධතිය සාර්ථකව Windows 8 සමග නිර්මානයකර ගත් ගැටලුව විසදා ගනිමින් ඇති බවටයි මේ වන විට දක්වෙමින් ඇත්තේ.