‘Threshold 2’ windows 10  සදහා සැලසුම්ව ඇති මීලග ප්‍රධාන යවත්කාලීනය වනු ඇත. සාමාන්‍ය සම්ප්‍රධායෙන් බැහැරව වේගවත් cumulative updates පෙලක් ඔස්සේ හමුවන දුර්වලතා පිලිසකරය හා ක්‍රියාකාරීත්වය දියුනු කිරීම්ලබා දෙමින් ඇති නව මෙහෙයුම් පද්ධතියට නවාංග යාවත්කාලීනයන් ‍රැගෙන එන්නට මෙම නිකුතුව කටයුතු කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. දැනට හෙලි වෙමින් ඇති තොරතුරු පවසන්නේ Threshold 2  අභ්‍යන්තර සංකේතනාමයෙන් හැදින්වෙන මෙම නිකුතුව වසර හා මාසය දැක්වෙන ලෙසට 1511 ලෙසට නම්වනු ඇති බවට බලාපොරොත්තුවෙනවා. එසේම මෙම නිකුතුව RTM release එකක් ලෙසට භාවිතාකරන්නන් හට ස්ථාපනයට අවස්ථාව ලබාදෙන්නට සැලසුම් වෙමින් ඇති අතර එලබෙන ඔක්තෝබරයට නිකුත්වන්නට සැලසුම්ව ඇති බවට ද බලාපොරොත්තු වනවා. Edge, Cortana සමග Skype වෙතට මෙන්ම තවත් දියුනු කිරීම් රාශියක් මෙම නිකුතුව සමග පැමිනෙනු ඇති බවටයි වැඩි දුරටත් බලාපොරොත්තුව වන්නේ.