දැනට පිලි ගැනෙන්නේ Windows 10 සදහා එලබෙන වසරේ පැමිනෙන consumer preview සංස්කරනය අතර නව සංස්කරනයක් පැමිනීමට බෙහෙවින් ඉඩක් නැති බවකි. එය බොහෝ විට එලබෙන ජනවාරියේ සිදුවනු ඇති බවට බලපොරොත්තුවේ. මේ අතර Windows 10 build 9879 සදහා එම ආයතනය restart අවශ්‍ය වන මට්ටමේ යාවත්කාලීනයක් නැවතත් නිකුත්කරන්නට කටයුතු කර ඇති අතර එය Explorer නිතර සිදුවෙමින් පවතින crash දුර්වලතාවයක් ඉලක්ක කර ගනිමින් පැමින ඇති බවටයි වාර්ථාවන්නේ. ආයතනය මීට පෙරද හඳුනා ගෙන තිබූ මෙවැනි දුරවලතාවයක් සදහාද යාවත්කාලීනයක් නිකුත්කරන්නට කටයුතු කෙරිනි. බොහෝ විට මෙම මෙහෙයුම් පද්ධති සංස්කරනය සදහා මීලග නිකුතුවට පෙර යාවත්කාලීනයක්ද නොපැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. සාමාන්‍ය නිකුතුවක් නොවූ ගෙවී ගිය දිනයේ නොනිල ලෙසට අන්ත්ර්ජාලයට මුදා හැර ඇති 9879 සංස්කරනය සමග වන නව අංග ලෙසට ක්‍රමයෙන් control panel වෙනුවට PC Settings ඉදිරියට පැමිනීමක් දක්නට ලැබෙන බවට දක්වා සිටිනවා