Microsoft ආයතනය තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වන Windows 10 සදහා වන ප්‍රධාන යාවත්කාලීනය මේ වන විට මුදා හරිමින් සිටිනවා. සමහර භාවිතාකරන්නන් අතරින් ගැටලුකාරී බවක් අත්විඳීමක් පිලිබඳව චෝදනා නැගීමක් සිදුවූ අතර යාවත්කාලීනයක් ඔස්සේ එම ගැටලුව සමනය ව ඇති බවටයි මේ වන විට පෙනෙන්නට ඇත්තේ. “පිරිසිඳු” ආකාරයේ ස්ථාපනයකින් අනතුරුව භාවිතාකරන්නෙකුට දැනෙන ආකාරයක පහසු ගලා යාමක් නව මෙහෙයුම් පද්ධති සංස්කරනය ඔස්සේ විඳින්නට හැකි වන අතර සාමාන්‍ය ආකාරයෙන් සැලකීමේදී ගැටලු වලින් තොර බවක් පෙන්වමින් තිබෙනවා. තවමත් මොබයිල් යාවත්කාලීනය නිකුත්ව නැති අතර එලබෙන නුදුරු කාලය තුල එම නිකුතුවද සිදුවනු ඇති බවට ආයතනය ඉගි පලකොට තිබෙනවා.
මේ වන විට Microsoft වෙතින් පලවන තොරතුරු හෙලිකරන්නේ මෙම වසර තුල තවත් ප්‍රධාන යාවත්කාලීනයක් බලාපොරොත්තු විය නොයුතු බවකි.  දැනට මත් “Redstone 2,” පෙර අත්හදා බැලීම් මට්ටමින් පැමින ඇති අතර වඩාත් සංකීර්න මට්ටමේ ගැටලු සමග උවත් අත්හදා බැලීමට කැමති වන්නන්  සදහා පමනක් ආරාධනා කරන මෙම අත්දැකීම විවෘතව තිබෙන බවටයි එම ආයතනය පැහැදිලි කරන්නේ. 2017 දී පමන නිකුතුවට සැලසුම් වන මෙම මීලග ප්‍රධාන යාවත්කාලීනය මෙහෙයුම් පද්ධතියේ වඩාත් ගැබුරින් වන වෙනස්කම් සමග උපාංග අතර වඩාත් පහසු සබඳතාවක් ගෙනෙනු ඇති බවට මේ වන විට පැහැදිලි කෙරෙමින් තිබෙනවා. PC, tablet, phone, IoT, Hololens හා Xbox අතර භාවිතාවන් වඩා පහසු කරවන සැකසුමක් මූලිකව මෙම නිකුතුව සිදුවනු ඇති බවට බලාපොරොත්තු වනවා