සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන Windows 10 පෙර සංස්කරනයක පැමිනීම මෙම ජනවාරි 21දාට නියමිතය. Windows ලෝලයන් මෙන්ම තොරතුරු තාක්ෂණය පිලිබඳ උනන්දුවක් දක්වන සියල්ලන්ම ලොව බහුල භාවිතාවක් හිමිකර ගෙන සිටින Desktop මෙහෙයුම් පද්ධති පෙලෙහි මීලග සංස්කරනය පිලිබදව දැඩි උනන්දුවක් දක්වන බවට වාර්ථා වෙමින් තිබේ. Cortana, New Start Menu , New Task View, Continum වැනි අංග වල සිට බොහෝ නව භාවිතාවන් සමග පැමිනෙනු ඇති බවට දැනටමත් පැහැදිලි බලාපොරොත්තු ඇතිකොට ඇති මෙහෙයුම් පද්ධතිය පිලිබදව කුතුහල එය නම් වීමේ සිටම පැවතුනකි. සාමාන්‍ය පිලිවලට සැලකීමේදී Windows 9 ලෙසට නම් විය යුතු එම සංස්කරනය Windows 10 ලෙසට නම් වීමේ සිටම පැහැදිලි වෙනසක් එය ගෙන එන්නට කටයුතු කරන බවක් පෙන්වා තිබිනි. Windows Phone වල සංස්කරනය ARM version වෙතින් කුමන ආකාරයක වෙනසක් ගනීවිද මෙන්ම සියලු අනු සංස්කරන එනම් Phone, ARM, DeskTop කිනම් ආකාරයකට ඒක මිතික වේවිද යන්න වැනි බොහෝ දෙනාගේ කථා බහට ලක්වෙමින් තිබෙනු දැක ගත හැකිය. තවද එය නොමිළේ පැමිනෙන සංස්කරනයක් වන්නේ 8.x සංස්කරන සදහා පමනද Windows 7 වල සිටද නොමිලේ Update වීමේ හැකියාව පැමිනේවිද වැනි තවත් ප්‍රශ්න බොහොමයක් මේ වන විට හදාරන්නන මතුකොට තිබෙනු දැකිය හැක. එසේම Windows 10 වල smartphones පෙර සංස්කරනයක් 21 දායින් පසුව ඉක්මනින් පැමිනීමක් බලාපොරොත්තුවෙමින් ඇති අතර දැනට එවන් පෙර සංස්කරනයක් Microsoft සේවක මහතුන් අතරට පමනක් සීමාව භාවිතාවෙමින් තිබෙන බවට තොරතුරු හෙලි වනවා.