Windows 10 වෙනස් වන්නේ බොහෝ ආකාරවලටය. මෙහෙයුම් පද්ධතියක් ලෙසට එහි අභ්‍යන්තරව පමනක් නොව පෙර නිකුතූන් පැමිනීමේදීද පෙරදාට වඩා වේගවත් ස්වරූපයක් ගෙන ඇත. හදාරන්නන් පෙනවා දෙන්නේ ආසන්නව මසකට එක් සංස්කරනයක් වන සේ එම පැමිනීම් පෙල ගැසෙමින් ඇත. icons වල සිට බ්‍රවුසරයේ නව මුහුනුවරක් ගත් Spartan දක්වා මෙහි වන වෙනස්කම් බොහෝය. සමහර වෙනස්කම් දැනටමත් පැමින ඇති අතර සමහර ඒවා නිවේදනය වී ඇත. කෙසේ වෙතත් Windows 10 වල නවතම පෙර සංස්කරනයක් මේ වන විට නිකුත්ව තිබේ. Windows 10 build 10041 සංස්කරනය ලෙසට එය නම් වේ. හදාරන්නන් බලාපොරොත්තුවූ Spartan නැතිනම් Microsoft වෙතින් පැමිනෙන්නට නියමිත බ්‍රවුසරය මෙහිදීද පැමින නැති අතර නොනිලව පැවසෙන්නේ තවමත් එය ආයතනය අභ්‍යන්තරව අත්හදා බැලෙමින් ඇති බවකි. මෙම නව Windows 10 Technical Preview සංස්කරනය සමග හඳුනාගෙන ඇති ගැටලු වන බවටද මේ වන විට තොරතුරු හෙලි වෙමින් ඇති අතර logging inවලදී ඇතුලු අවස්ථා කිහිපයකදී ඒවා අත්දකිමින් ඇති බවටයි වාර්ථා වන්නේ.