Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සදහා වන  The Windows 10 Anniversary යාවත්කාලිනය මේ වන විට නිකුත්කර අවසානය. නව මෙහෙයුම් පද්ධතිය නිකුතුවෙන් වසරක් පිරෙන මේ මොහොතේ windows 7, windows 8.1 යන සමීපතම පෙර මෙහෙයුම් පද්ධතිවල සිට නව මෙහෙයුම් පද්ධතිය වෙතට නොමිළේ පිවිසීමෙ අවස්ථාව අවසන් වූ අතර හදාරන්නන් පෙන්වා දෙන්නේ සමහර තත්වයන් යටතේ පමනක් මුදල් ගෙවීමකින් තොරව නව මෙහෙයුම් පද්ධතොය වෙතට පිවිසීමෙ අහැකියාව තවමත් විවෘතව පවතින බවය. නව ප්‍රධාන යාවත්කාලීනය මේ වන විට ක්‍රමයන් භාවිතා කරන්නන්වෙතට පැමිනෙමින් ඇති අතර වඩාත් නම්‍ය මෙන්ම ආරක්ශිත භාවිතාවක් සහතික කරමින් වැඩි දියුනු කිරීම් කිහිපයක් ඇතුලු නවාංග කිහිපයක් රැගෙන එන්නට එය කටයුතු කර ඇති බවටයි පැහැදිලි වන්නේ.
Windows Hello ලෙසට නම්ව  biometric authentication ආකාරයක් Microsoft වෙතින් හඳුන්වා දෙන්නට කටයුතු කරල ලද අතර, භාවිතාකරන්නා තම පරිගකය වෙතට මෙන්ම අන්තර්ජාල සේවා වෙතට පිවිසීමේදී ජීව විද්‍යාත්මක සාධක මත අනන්‍යයතාවය තහවුරු කරගන්නට එය කටයුතු කරමින් වඩාත් විස්වාසනීය ආරක්ශිත බවක් පිලිබදව බලාපොරොත්තු ගෙනෙන ලද අතර නව යාවත්කාලීනය සමග එම අංගය වඩා දියුනුව පැමින ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. Cortana ලෙසට නම්ව පැමිනෙන digital assistant පහසුව නව සංස්කරනයේදී වඩාත් දියුනු කර භාවිතාකරන්න වෙතට ගෙනැවිත් ඇති අතර පරිගණකය තුලින් මෙන්ම වෙබ් අවකාශයෙන් වැඩි තොරතුරු ප්‍රමානයක් භාවිතාකරමින් වඩා පහසු හා පුලුල් සහයක් ගෙනෙන්නට කටයුතු කර තිබෙනවා. මීට අමතරව Edge බ්‍රවුසරයද වඩාත් ආරක්ශිත හා නම්‍ය බව පලවන දියුනු කිරීම් රාශියකට පත්කොට ඇති අතර internet explora සමග විඳිමින් තිබූ අපහත රාශියක් අවසන් කර දමමින් නව බ්‍රවුසරය පැමින තිබෙනවා