Windows 10 වල සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන පලමුපෙර සංස්කරනය ලෙසට සැලකෙන Windows 10 9926 නිකුතුව මේ වන විට පැමින ඇති අතර එහි වන නවාංග හා දියුනු කිරීම් පිලිබදව හදාරන්නන්ගේ දැඩි අවධානයක් පවතිනවා. calculator අංගය මෙහෙයුම් පද්ධතියත් සමග එන බහුල භාවිතාවක් ලබන අංගයක් ලෙසට පිලි ගැනෙන අතර මෙම සංස්කරනය සමග Microsoft ආයතනය එයටද වැඩි දියූනු කිරීම් කිහිපයක්ම එක් කර තිබෙනවා.Scientific, Programmer, වැනි ආකාර වලට මෙන්ම converter calculators ලෙසට වන ආකාරයට තොරා ගැනීම් අවස්ථාවල් බොහොමයක් සමග පැමිනෙන මෙම අංගයේ UI වල සිදුකර ඇති overhauled ඔස්සේ එය වඩාත් නවීන පෙනුමක් කරා ‍රැගෙන විත තිබෙනවා. එසේම calculator app අංගයද full-screen mode හැකියාවද සහිත නවීකරනය කිරීම් බොහොමකින් සමන්විතව පැමින තිබෙනවා.