windows 10 නැවත Microsoft වෙතට අභියෝගයට ලක්වෙමින් තිබූ මෙහෙයුම් පද්ධති ප්‍රමුකතාවය සාර්ථකව ‍රැගෙන එමින් ඇත. win XP වලින් අනතුරුව vista වලින් ඇරබී windows 8.1 දක්වා වු සංකිර්න යුගය අහවර කර දමන්නට සමත් වෙමින් තම නිල නිකුතුවෙන් කෙටිකාලයක් තුලදී විශාල භාවිතාකරන්නන් ප්‍රමානයකගේ අවධානය ලබා ගන්නට windows 10 සමත්ව ඇති බවටයි නවතම තොර තුරු නැවත නැවතත් තහවුරු කරමින් සිටින්නේ. 2015 ජූලි නිකුතුවෙන් අනතුරුව මේ වන විට ලොවපුරා භවිතාවන උපාංග මිලියන 200ක් ඉක්මවා ස්ථාපනය වන්නට එය සමත්ව ඇත. නොමිළේ භාවිතයට පිවිසෙන්නට සීමිත කාලයකට අවස්ථාව ලැබීම, බහුල අත්හදා බැලීමේ අවස්ථාව ඔස්සේ වඩාත් නම්‍ය නිකුතුවකට කටයුතු කිරීම මෙන්ම සුපුරුදු භාවිතාවෙන් ඉවතට සුදුව තිබූ චලනයන් නැවත සකසා ගැනීම ඇතුලු බොහෝ සාධක සමග පැමිනෙන මෙම සංස්කරනය මේ වන විට windows 8.1 භාවිතාවට ආසන්න වෙමින් පවතින බවටයි වාර්ථ වන්නේ. එම වාර්ථා පැහැදිලි කරන්නේ සමස්ථ භාවිතාවෙන් 12%ක් ආසන්නව windows 10 හිමිකර ගනිද්දී windows 7 47%ක භාවිතය ලබමින් ඉහලින් සිටින්නට සමත්ව ඇති බවයි. windows xp සියයට නමයකට ආසන්න භාවිතාවක් තවමත් ලබා සිටින බවටත් එම වාර්ථා පැහැදිලි කරනවා. හෑදෑරුම් ආයතනයන් කිහිපයක වාර්ථා සැසදීමේදී වුවද එතරම් වෙනසක් නොපෙන් වෙන මෙම සංක්‍යාලේඛන වලට අනූව windows 10  වෙතට සාර්ථක ආකර්ශනයක් ලබා ගන්නට microsoft ආයතනය සමත්ව ඇති බව පැහැදිලි කෙරෙනවා. මීට අමතව පැමිනෙන තවත් වාර්ථාවකට අනූව (GoSquared) පැවසෙන්නේ windows 10 උපාංග වලින් නිර්මානය වන වෙබ් තදබදය 26%ක වන විට Windows 8 වල 21%, හා Windows 7 වල 48%  ලෙසට ගනනය වෙමින් ඇති බවයි.