windows 10 වෙතට පැමිනෙන්නට නියමිත මීලග ආකර්ශනීයතම යාවත්කාලීය Redstone update වනු ඇත. එය බොහෝ විට 2016 මැද භාගය වන විට පැමිනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. (ඊට පෙර මෙම වසරේ එලබෙන මාසය වන විට Threshold 2 යාවත්කාලීනය පැමිනීම දැනට බලාපොරොත්තුවෙමින් ඇත). දැනට හෙලි වෙමින් ඇති තොරතුරු වලට අනූව එලබෙන වසරේ ප්‍රධාන යාවත්කාලීනය සමග ‘Continuum’ නැතිනම් windows 10 බලැති PC හා smartphone අතර වඩාත් සමීප භාවිතාවක් ගෙනෙන්නට නියමිත යාවත්කාලීනය වැඩි අවධානයක් ලබමින් ඇති බවටයි පලවන්නේ. දැනටමත් windows 10 Pc එකකදි cortana සමග Text එකක් යැවීමේ පහසුව පැමින ඇති අතර අනාගතයේදී භාවිතාකරන්නා හට කෙලින්ම තම Pc එකෙහි සිට දුරකථන ඇමතුම් ලබා ගන්නට හැකිවනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. එසේම real-time migration සමග එක් උපංගයක් සමග කරමින් සිටි කටයුත්තක් සම්බන්දිත තවත් උපාංගයකදී අදාල app එක විවෘත කල පමන සිට ඉදිරියට ගෙන යන්නට හැකිවන වන සබඳතාවය ද සහිත වනු ඇති බවට බලාපොරොත්තු පලවනවා.