වින්ඩෝස් 11 සදහා මයික්‍රසොෆ්ට් ආයතනය පියවර තබන්නේ වැඩි දියුනු කිරීම් රාශියක් සමග පමනද යන්න හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ දැනට අන්තර්ජාලය වෙතට පැමින ඇති නොනිළ වින්ඩෝස් 11 සංස්කරනය පෙන්වමින් සිටින ස්වභාවයන් මතය. වින්ඩෝස් 7 මෙන්ම වින්ඩෝස් 10 වලින් ඉවතට ගමන් කරන්නට එම ආයතනයට සිදුවන්නේ වෙළඳ කාරනාවන් මූලිකවම මිස එම මෙහෙයුම් පද්ධතිවල ශක්‍යතාවය අභියෝගවෙමින් පැවති නිසා වන බව පැහැදිලිය. අනෙක් අතින් එම ආයතනයට විස්ටා මෙන්ම වින්ඩෝස් 8 වැනි අසාර්ථක උත්සාහයකට ඇති බියද තිරනාත්මකව පැවතින්නේයැයි සිතිය හැක. කෙසේ වෙතත් මේ වන විට ලැබී ඇති සංස්කරනයෙන් දෘශ්‍ය වෙනස් වීම රාශියක් හැදෑරෙමින් ඇති අතර එහි ටූල්ස් වල දියුනු කිරීම් කිහිපයක් අවධානයට ලක් වෙමින් තිබෙනවා.ස්නූප් ටූල් වල දියුනු කිරීම් හා ටාස්ක් බාරයේ මෙන්ම ස්ටාර්ට් මෙනුවේ වඩාත් නම්‍ය ස්ථානගත කිරීම හැකියාව කැපී පෙනෙමින් තිබෙනවා.
Pubudu Siriwansa