ස්මාර්ට් දුරකථනය අතිමහත් භාවිතාවකි. මේ උපකරණවල වන applications අතර instant messaging භාවිතාවන්ටද ඇත්තේ මහත් අවධානයකි. විශාල භාවිතාකරන්නන් පිරිසකගේ ස්මාර්ට් දුරකථනයේ ප්‍රධාන භාවිතාවද මේවා වීම බහුලව දැකිය හැකිය. මේ භාවිතාවන් අතරද WhatsApp වලට ලැබෙන්නේ විශේෂිත තැනකි. දැන හෝ නොදැන මේ භාවිතාකරන්නන් අතර mod apps වලට ලැබෙන්නේ ද බහුල භාවිතාවකි. මේවා තම ප්‍රධාන භාවිතාවන් සදහා අමතර දියුනු කිරීම් නැතිනම් උදාහරනයක් ලෙස WhatsApp මුක් සංස්කරනය සමග නොපැමිනෙන වැඩි දියුනු කිරීම් ලබා දෙන අමතර මෘදුකාංග කොටස්ය.
හදාරන්නන් පෙනවා දෙන්නේ පෙරකී mods අතර එන FMWhatsApp 16.80.0, සමග එන්නට ඉඩ ඇති Trojan Triada virus එකක් විසින් දුරකථනයට බලවත් හානියක් කල හැකි බවකි. පලමුව මෙම හානිකරය විසින් දුරකථනය වෙත බාගත කරගන්නා අමතර මෘදුකාංග සමග Device IDs, Subscriber IDs, MAC addresses වැනි දුරකථනය ගැන වන වැදගත් තොරතුරු බාහිර සර්වරයන් වෙතට යැවීමත් තවත් විටක full-screen advertisement වලට ඉඩ සැලසීමත්, තවත් විටක paid subscriptions වලට භාවිතාකරන්නාගේ අනුදැනුමකින් තොරව sign up කිරීම පමනක් නොව විටක බැංකු ගිනුම් වල තොරතුරු ලබා ගැනීම වැනි කාරනා දක්වාත් විය හැකි බව පැවසෙනවා. භාවිතාකරන්නන් තම දුරකථනවලට මෘදුකාංග බාගත කරගැනීමේදී සැලකිලිමත්වීම ඉතා වැදගත් වනු ඇති බවයි සැලකෙන්නේ.
Pubudu Siriwansa