WhatsApp ඉතා බහුල භාවිතාවකි.desktop app සමග ඒ භාවිතාව තවත් පුළුල් විය. WhatsApp වල multi-device support හැකියාව සමග primary WhatsApp account වලින් පුළුල් භාවිතාවකට මග පෑදි ඇත. Meta හිමිත්වය යටතේ ඇති මෙම භවිතාව අද වන විට භාවිතාකරන්නෙකු වටා ඇති උපංග පරිසරය තුල භවිතාව පහසු කර ඇත. ප්‍රධාන ගිණුම හිමි උපංගයෙන් ඔබ්බට භාවිතාව විහිදීම සදහා QR code එකක් මැදිහත්වීම සමහර විටකදී ගැටළුකාරීවන්නේ ප්‍රමුකව උපාංගයේ ප්‍රධාන කැමරාව අක්‍රියව තිබීම විය හැක. මේ සදහා විකල්ප login method එකක් ලෙසට eight-digit verification code එකක් ප්‍රධාන ගිණුම හිමි දුරකථනයට ලැබීම හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. මේ සදහා සංක්‍රීය කල යුතු ‘Link with phone number’ තේරීම දැනට WhatsApp Web වලට පමනක් සීමාව තිබුනද ඉදිරියේදී secondary devices වලට ලැබීමට නියමිත බවටයි මේ වන විට නිවේදනය වන්නේ.
Pubudu Siriwansa