සාමාන්‍යයෙන් ආරක්ශක මෘදුකාංගයකට දෛනිකව නව viruses 15,000+ අධික ප්‍රමානයක් වලක්වන්නට සිදු වන බවටයි පිලිගැනෙන්නේ. Antivirus companies දෙසින් බලන විට මෙය අසීරු ඉලක්කයක් බවට පිලිගැනෙන අතර. මේ සදහා විකල්පයක්ව පැමිනෙන VoodooShield විසින් ඔබ අවසර දෙනු ලබන මෘදුකාංග හැරෙන්නට සියලුම executable code (including viruses) වලකන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. whitelist approach ආකාරයේ ක්‍රියාකමක් ගෙනෙන මෙම මෘදුකාංගය සමග email, browser-based viruses, malware සියල්ල පාහේ වඩාත් fast හා lightweight ආකාරයට ක්‍රියාත්මක වෙමින් වලකන බවටයි පිලි ගැනෙන්නේ. සාමාන්‍ය ආරක්ශක මෘදුකාංගයක් මෙන්නොව පලමුව මෙම මෘදුකාංගයට භාවිතාකරන්නා විසින් ධාවනයට අවශ්‍ය මෘදුකාංග තොරා දීමේ අවස්ථාව ලැබෙන අතර ඉන් අනතුරුව Microsoft Windows User Account Control (UAC) ආකාරයේ ක්‍රියාකමක් ගෙනෙන බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ. VoodooShield උපරිම ක්‍රියා කාරීත්වය සදහා UAC අක්‍රිය කර දැමීම වැදගත් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. Non-Commercial භාවිතාව සදහා නොමිළේ පැමිනෙන මෙම මෘදුකාංගය XP SP2 වල සිට Windows 8 (32 & 64 bit) දක්වා මෙහෙයුම් පද්ධති සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන බවටයි පැහැදිලි කෙරෙන්නේ.

VoodooShield 2.22