Virtual machine එකක් යනු software-based computer එකකි. එහිදී සිදුවන්නේ ඔබගේ භෞතික නොහොත් host computer එකක් මත ධාවනය වන management software එකක් සමග VirtualBox එකක් නිර්මාණය වේ. එහිදී සිදුවන්නේ VirtualBox එක host computer එකෙන් වෙන්කර ගන්නා memory / processor පහසුකම් මත තවත් operating system එකක් ධාවනය කිරීම ඔස්සේ virtual machine එකක් නිර්මාණය කර දීම වේ. එපමනක් නොව ඒ මත වන තවත් software වලටද ධාවනයට ඉඩ සලසා දෙයි. සැබෑවටම මෙම virtual machine එක software ආකාරයට r hard drive එක මත නිර්මාණය වන්නකි. මෙම virtual machine හැකියාව ඔබට අත්හදාබලන හෝ අනතුරු බවක් ඇති කටයුතු වලදී භාවිතාකල හැකි අතර virtual machine එක delete කිරීමෙන් පසු ගැටළු බොහොමයකින් ඈත්ව සිටින්නට හැකිවේ.
Pubudu Siriwansa