UK වල රජය පවසන්නේ තමන් 2G හා 3G සබඳතාවයන් 2033 වන විට භාවිතයෙන් ඉවත්කරන්නට සැලසුම් කර ඇති බවයි. ඔවුන් පවසන්නේ තමන් එරට වන ප්‍රධාන පෙලේ සේවා සැපයුම් කරුවන් වන Vodafone, EE, Virgin Media O2, හා Three සමග මේ පිලිබඳව එකගතාවයකට පැමින තිබෙන බවයි. එසේම මෙම පියවර ඔස්සේ 2030 ට පැමිනීම ඇරබීමට නියමිත 6G සදහා අවශ්‍ය spectrum නිදහස් වීම සිදුවනු ඇති බවට බලාපොරොත්තු පලකර සිටිනවා. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මේ ඔස්සේ driverless vehicles හා drones, VR හා AR වැනි පැමිනෙන නව යුගයේ භාවිතාවන් වඩාත් online වන්නට අවකාශය ලැබෙනු ඇති බවයි.
Pubudu Siriwansa