Twitter යනු කෙටි පලකිරීම් සදහා සහය ලබා දෙන ලොව බහුල භාවිතාවක් ලබා ගත් Social Network එකක් ලෙසට ප්‍රකට වෙබ් අඩවියකි. පසුගිය කාලයේ ඔවුන් පිලිබදව පලවෙමින් තිබූ තොරතුරු වලින් සමහරකින් කියවුනේ Twitter සමග තවත් සේවාවන් කිහිපයක් පැමිනෙන්නට සැලසුම් වෙමින් ඇති බවකි. මේ වන විට හෙලි වෙමින් ඇති තොරතුරු පැහැදිලි කෙරෙන්නේ ඔවුන් Youtube සමග තරකකාරී මට්ටමක සේවාවකට සූදානම් වෙමින් තිබෙන බවකි. ප්‍රථමයන් බලාපොරොත්තු වූවේ video player හා video card සහයක් පමනක් වුවද video.twitter.com වෙතට පිවිසෙන්නෙකුට ඊට වඩා වැඩි සේවාවක් භුක්ති විඳින්නට අවකාශ සැලසෙන සේවාවක අත්විඳින්නට ඇරයුමක් ඉල්ලුම් කරන්නට හැකිවන බවටයි මේ වන විට හැගෙමින් ඇත්තේ. තවමත් ආයතනය මේ පිලිබදව වැඩි දුර තොරතුරු පැහැදිලි කර නැති වුවද විචාරනය වෙමින් ඇත්තේ advertisers සහය සපයන ඔවුන්ගේම Video library එකක මත ක්‍රියාත්මක වන උපරිමය විනාඩි 10කට අඩු Video සදහා upload පහසුව දෙන වඩාත් සුපැහැදිලි Video සදහා භාවිතාකරන්නන දිරි ගැන්වෙන තම Twitter subscribers සමග Vodeoවක් බෙදා හදා ගන්නට ඉඩ සැලසෙන සේවාවක පැමිනීම බලාපොරොත්තු විය හැකි බවකි.

www.video.twitter.com