ආරක්ශක මෘදුකාංගයක් යනු නිමා නොවන අවශ්‍යතාවයකි. දිනෙන් දින වඩ වඩාත් සංකීර්න හානිකරයන් පැමිනෙනවා සේම විවිධ හැඩගත් ආරක්ශක මෘදුකාංගයන්ද පැමිනේ. මෙම Tencent PC Manager මෘදුකාංගය පිලිබදව පැහැදිලි කෙරෙන්නේ එය scanning engines හතරක එනම් Tencent Cloud Protection, Tencent Antivirus Engine II, Avira Local Antivirus හා Tencent System repair යන ඒවායේ සහයෙන් ක්‍රියාත්මක වන පරිගණක සදහා වන viruses, spyware, malware, rootkits ඇතුලු හානිකරයන්ට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක වන ආරක්ශක මෘදුකාංගයක් ලෙසටය. මීට අමතරව ඔවුන් සදහන් කරනවා anti-phishing, link scanner, secure browsing, webcam protection, USB protection, හා hacking detection ආකාරවලටද එය ඔබගේ සහයට පැමිනෙන්නට සූදානම් බව. Updates හා upgrades සදහා ස්වංක්‍රීයව සූදානම්ව පසුබිමේ සිට ක්‍රියාත්මක වෙමින් වඩාත් පූර්න ආරක්ශාවකට තම මෘදුකාංගය සූදානම් බවටයි මෙහි නිපැයුම්කරුවන් පවසන්නේ.

Tencent PC Manager 10.4.25461.501