මෘදුකාංග ස්ථාපනයේදී නිතරම අව්‍යාජ මෘදුකාංග ස්ථාපනය වැදගත් වනවා සේම ඒ සදහා නිතරම අදාල මෘදුකාංග සදහා වන නිල වෙබ් අඩවිය වෙතට පිවිසීමත් වැදගත් වනවා.බොහෝ විට බහුල භාවිතාවක ඇති මෘදුකාංග සදහා malware යොදා සකස්කල හානිකර මෘදුකාංග සමාජජාලා වල ප්‍රවර්ධනය කරමින් බාගත කිරීම් ලබා ගන්නට උත්සාහ කිරීම බහුල කාරණයක් වනවා. බහුල භාවිතයක් ඇති Super Mario 3: Mario Forever සංස්කරණය ආශ්‍රිතව මේ ආකාරයේ හානිකර නිකුතුවක් බහුලව සිදුවෙමින් ඇති බවටයි හදාරන්නන් ලෙන්වා දෙන්නේ. පරිගණක ක්‍රිඩා බහුල භාවිතාවක් වීම ප්‍රයෝජනයට ගනිමින් හානිකර පතුරන්නන් මේ භාවිතව කරන අතර මිලියන ගනනක් බාගත කරගැනීම් වාර්ථාකරන Super Mario 3: Mario Forever game ඔබත් බාගත කරගෙන ඇත්නම් වහාම ආරක්ශක මෘදුකාංගයක් හරහා පිරික්සුමක් කරගැනීම වැදගත් විය හැකි බවටයි උපදෙස් ලැබෙන්නේ.
Pubudu Siriwansa