Microsoft වෙතින් පැමිනෙතැයි බලාපොරොත්තුවන නව බ්‍රවුසර නිකුතුවක් පිලිබද කථා බහ වෙතට නව පනක් දෙමින් පසුගියදා ප්‍රකාශ කර සිටින ලද්දේ Windows 10 මීලග පෙර සංස්කරනය සමග Project Spartan පැමිනෙනු ඇති බවකි. මේ දිනවල පැවැත්වෙමින් ඇති Mobile World Congress වලදී මේ බව ප්‍රකාශ කෙරුන ලද අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙතින් සම්පූර්නයෙන් වෙනස් මගක් ගන්නා මෙම බ්‍රවුසරය අඩු දෘඩාංග භාවිතාවක් සමග වැඩි වේගවත් ක්‍රියාකරමක් පෙන්වන බ්‍රවුසරයක් වනු ඇති බවටයි පොරොන්දුව වන්නේ. Windowa 10 සදහා අවසාන පෙර නිකුතුවක් පැමිනියේ පසුගිය ජනවාරියේ වන අතර නව බ්‍රවුසරය ‍රැගත් මීලග පෙර නිකුතුව මෙම මාසයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු පලවනවා.