Sony Pictures වෙතට සිදුවූ cyber attack සිදුවීමෙන් අනතුරුව FBI ආයතනයද US businesses වෙතට destructive malwareවන් පිලිබදව අනතුරු හගවා ඇති බවටයි වාර්ථාවන්නේ. මෙම හානිකරයන් #GOP භාවිතකරන ලද ඒවාම දැයි හෙලි නොවන මුත් එම ප්‍රහාරයෙන් අනතුරුව සෝනි වෙතින් පැමිනෙන්නට නියමිතව තිබූ සිනමා පට වන Fury, Mr. Turner, Still Alice හා Annie යන ඒවා අන්තර්ජාලයට මුදා හරින්නට එම ප්‍රහාරකයින් කටයුතු කර තිබිනි. එපමනකින්නොනැවතෙන එම පිරිස් ආයතනයේ අභ්‍යන්තර ලියකිවිලි කිහිපයක්ද අන්තර්ජාල ගත කරන්නට කටයුතු කර ඇති බවටයි හෙලිවෙමින් ඇත්තේ. එම ප්‍රහාරකයින් ඊටද අමතරව තම ඉල්ලීම් නොසලකා හරින්නේ නම් ඉදිරියේ ආයතනයේ සේවකයින්ගේ usernames හා passwords ආදී තොරතුරුද ප්‍රසිද්ධ කරන්නට කටයුතු කරන බවට තර්ජනය කරමින් සිටින බවකි. North Korea දෙසින් මෙම හානිකරයන් පැමිනිම සිදුවන්නට ඇති බවටස් සැක කරන අතර Sony ආයතනය මේ පිලිබදව කිසිදු ප්‍රකාශයක් කර නැති බවටයි වාර්ථා වන්නේ.