Samsung සමාගම මේ වන විට තම Galaxy S22 නිකුතූන් පෙල නිල ලෙසට නිවේදනය කර තිබෙනවා. මෙය flagship smartphones පෙලක් වන අතර S22, S22 Plus සහ S22 Ultra ලෙසට ඒවා නම් කර තිබෙනවා. මෙම නිකුතූන් පෙල ඔවුන්ගේම Exynos 2200 SoC හෝ Qualcomm Snapdragon 8 Gen 1 SoC සැකසුම් හැකියාවකින් බල ගැන්වෙන අතර Snapdragon SoC සමග Adreno 730 හා Exynos වලදී AMD’s RDNA2-based Xclipse 920 ලෙසට වන GPU හැකියාවකින් බල ගැන්වෙනවා. එම ආයතනය මීට පෙර කටයුතු කල ආකාරයට එනම් Galaxy S-series devices වලදී කටයුතු කල ආකාරයට Snapdragon සීමිත වෙළඳ පොලක් වෙත්ට නිකුත් කරන බවටයි දැක්වෙන්නේ.
මෙම S22 හා S22 Plus වලදී 120Hz refresh rate එකක් සමග 12MP Ultra-wide camera, 50MP Wide camera , 10MP Telephoto camera සමග 3x Optical zoom පසු කැමරා හැකියාවකින්ද, පෙර කැමරාව සහහා 10MP හැකියාවක්ද වන අතර 8GB RAM තොරා ගත හැකි පරිදි 128 or 256GB storage හැකියාවක්ද S22 waladhii 3,700mAh battery එකක් හා S22 Plus වලට 4,500mAh battery හැකියාවක්ද සමන්විත කර තිබෙනවා. මෙම දුරකතන මොස්තර දෙක සදහාම Wireless charging / Wireless PowerShare හැකියාවද, S22 වලදී 25W හා S22 Plus වලදී 45W දක්වා වන බල ගැන්වුම් හැකියාවක්ද වනවා.
Galaxy S22 Ultra වලදී 6.8-inch QHD+ display එකක් සමග 12MP Wide camera, 108MP Wide camera, 10MP Telephoto camera ( 3x Optical zoom) , 10MP Telephoto camera (10x Optical camera) සමග පෙර කැමරව සදහා 40MP හැකියාවක්ද සංයුත්ත කර තිබෙන අතර 8GB+128GB, 12GB+256GB, 12GB+512GB , 12GB+1TB ලෙසට වන මතක හා ගබඩා හැකියා තොරා ගැනීමේ අවස්ථාවක්ද 45W charging හැකියාවක් සමග 5,000mAh battery එකකින් සමන්විත වනවා. ඊට අමතරව මෙම මොස්තරයද 15W wireless charging හා Wireless PowerShare හැකියාවක්ද ‍රැගෙන විත් තිබෙනවා.
Pubudu Siriwansa