Proton නම් secure software එනම් Proton Mail ඇතුලු සේවාවන් ගනනාවක් ගෙනෙන සමාගම පවසන්නේ තමන් Windows භාවිතාකරන්නන් සදහා end-to-end encryption සහය ඇතිව cloud වෙතට upload කිරීමේ සහය ගෙනෙන්නට සූදානම් බවයි. අද සිට සාමාන්‍ය භාවිතාවට මුදා හැරෙන Windows 10 / 11 සදහා සහය දක්වන මෙම නිකුතුව භාවිතයෙන් අයෙකුට තම PC වල back up ආකාරයේ ගොනු cloud වෙතට නංවන්නට හා වෙනත් උපාංග හරහාද ඒවා access හැකියාව එන බවටයි පැහැදිලි කරන්නේ. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම Proton Drive ඔස්සේ ගොනුවල contents පමනක් නොව metadata එනම් file / folder names, file sizes, dates uploaded වැනි කරුණුද encrypt වීමට නියමිත බවකි. එපමනක් නොව ඔවුන් පවසන්නේ hard disk වල ඉඩ ඉතිරිය මෙන්ම තවත් පහසුකම් රාශියක් ලබා දෙනු ඇති බවකි. 1GB ප්‍රමානයක් නොමිළේ මෙම සේවාව ලබා ගන්නට හැකි අතර ඉන් ඉදිරියට යාමට යම් ගෙවිමකට එකගව ලැබෙන බවටයි අවසාන වශයෙන් පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa